දේශීය පුවත්

අනිවාර්ය බෝග 6කට වන්දි

July 21, 2019 7:17 pm | Lanka Lead News

2018 වසරේ යල කන්නයේ වගා හානි සඳහා වන්දි ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 556ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වී, බඩ ඉරිඟු, ලොකු ළූණු, අර්තාපල්, සෝයා, අමු මිරිස් ඇතුළු අනිවාර්ය බෝග 06ක් සඳහා මෙම වන්දි ලබාදීමට නියමිත බවයි.

ගංවතුර, නියඟය වැනි ස්වභාවික විපත්වලින් මෙන්ම වන අලින් විසින් සිදුකළ හානි සඳහා ද වන්දි මුදල් ලබාදීම සිදුවන බව පී.හැරිසන් අමාත්‍යවරයා සඳහන් කළේය.

2018 වසරේදී දිවයින පුරා වගා අක්කර 23,605ක් හානි වී ඇති අතර ගොවීන් 20,113 දෙනෙකු වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට නියමිත බව අනුරාධපුර ප්‍රදේශයේ පැවති ගොවි හමුවක දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා හානි සිදුවූ ගොවීන් 2750 දෙනෙකු සඳහා වන්දි ලබාදීමේ කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 2 වැනිදා සිදුකිරීමට නියමිත බව පී.හැරිසන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More