තනතුරුවලින් ඉවත්වු මුස්ලිම් අමාත්‍යවරුන් දැනට විදේශගතව සිටින රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පැමිණි පසුව දිවුරුම් දෙනු ඇති බව අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා ප්‍රකාශ කළේය.
අද (21) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකින් පසුව මාධ්‍යවේදින් විසින් අමාත්‍යවරයාගෙන් මේ පිලිබඳව කරුණු විමසා සිටිමේ දී මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේය.
මෙහිදි මාධ්‍යවේදින් විමසා සිටියේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද ඒ අතර සිටියි ද යන්න පිලිබඳවයි.
එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන් දන්නා පරිදි එතුමා ද සිටිනු ඇති බවයි.
එතුමාට එදා තිබු විරෝධය අද නොමැති බවත් එසේම අගමැතිතුමන් විසින්ද රිෂාඩ් අමාත්‍යවරයාට කිසිම චෝදනාවක් නොමැති බව පොලිසිය විසින් දන්වා ඇතිබවට කල ප්‍රකාශයෙන්ද තහවුරු වන බවත්ය.
එම නිසා රිෂාඩ් අමාත්‍යවරයාට ගැටලුවක් ඇති නොවනු ඇති බව හලීම් අමාත්‍යරයා ප්‍රකාශ කළේය .
මුස්ලිම් විවාහ නීති සංශෝධනයන් ද ඉදිරියේදි සිදු වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...