ගාල්ල මුහුදේදී අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයින් මෙහෙයවූ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා ජාත්‍යන්තර සහය හිමිව තිබේ.
පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට පත් වු ඉරාන ජාතකයින් සතුව තිබූ දුරකථන විශ්ලේෂණයට පියවර ගෙන ඇති බවයි.
ඒ සඳහා ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර බුද්ධි අංශවල සහය ලැබී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන්, මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරිම්වලදී ඉරාන ජාතිකයින් අනාවරණ කර ඇත්තේ, ජාවාරම පිටුපස මෙරට ප්‍රබල ජාවාරම්කරුවෙකු ද සිටින බවයි.
ඊට අමතරව, ඉරාන සහ පාකිස්ථානු ජාතිකයින් දෙදෙනෙකු ද ජාවාරමට සම්බන්ධ බව මේ වන විට හෙළි වී ඇතැයි, පොලීසිය ප්‍රකාශ කළේ ය.
පසුගිය 10 වන දා ගාල්ලට නාවික සැතපුම් 100 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 70 කට අධික ප්‍රමාණයක් සමග යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනිණ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...