දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒම සඳහා නව සන්ධානයක් බිහි කිරීමට සැලසුම් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නොදැනුවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සඳහා පෙරමුණ ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂය ඇතුළු මුස්ලිම් සහ දෙමළ දේශපාලන පක්ෂද එකතු කර ගනිමින් නව සන්ධානය බිහි කරන අතර එහි මූලික සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කළුතර, කොළඹ, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් තිදෙනකු පෙරමුණ ගෙන ඇත.

නව සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේද සහාය හිමිව තිබේ. එම සංවිධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ සහයෝගය ලබා ගැනීමටද සාකච්ඡා ආරම්භ කර ඇත. හිටපු නගරාධිපතිවරයකුගේ බත්තරමුල්ලේ පිහිටි නිවසක මූලික සාකච්ඡා පවත්වා තිබේ.

ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සමගද රොස්මිඩ් පෙදෙසේ පිහිටි නිවසක සාකච්ඡා පවත්වා ඇති අතර එම නිවස මන්ත්‍රීවරයාගේ සමීපතම හිතවතියකගේ වෙයි.

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානය බිහි කරන අතර එය අගෝස්තු මස 05 වන දින ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන උත්සවයකදී නව සන්ධානය ප්‍රකාශයට පත් කරන අතර එහි නම වන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණයි.

එම සන්ධානය සඳහා සලකුණක් මෙතෙක් තෝරා ගෙන නොමැති අතර සලකුණු කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More