මෙම අගෝස්තු 10 වැනි දිනෙන් පසුව එළඹෙන දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙරළි කිහිපයක්ම සිදුවීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව පැවැත්වෙන අගෝස්තු 11 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම පක්ෂයට එකතු වීමට නියමිතව ඇත. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පසුගිය බදාදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු සමග සාකච්ඡාවක් පවත්වා ඇත. මෙසේ පොදුජන පෙරමුණ සමග එක්වන නම් අතර එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් ඇති බව වාර්තා වේ.
මීට අමතරව තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සැලසුම් කර තිබේ. ඒ අතර කොළඹ, කළුතර යන දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුද සිටින බව වාර්තා වේ.
මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ ප්‍රබල මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...