දේශීය පුවත්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පොදුජන පෙරමුණු අපේක්ෂකයාට සහාය පළ කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු ලෙස තරග කළ යුතු බවට ශ්‍රීලනිපයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණු සන්ධාන ගත වුවද එහි ජනාධිපති ධුර අපේක්ෂකත්වය හෝ ඉදිරි අගමැති ධුරය මෛත්‍රීපාල සිරිසේනට නොලැබීමේ අවදානම අදාළ සාකච්ඡාව ආරම්භ වීමට හේතුවී ඇත.

උද්ගත වී ඇති තත්ත්වය තුළ අදාළ යෝජනාව ඉදිරි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

ඉදිරියේදී පිහිටුවනු ලබන ආණ්ඩුවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදිය යුතු බවට ඉල්ලීමක් ශ්‍රීලනිප පොදුජන පෙරමුණු 7 වන සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More