කලගෙඩිහේන ප්‍රදේශයේදී මහ මග ධාවනය වූ වෑන් රථයක් නවතා එම වෑන් රථයට පහරදී ඇත්තේ රූපවාහිනි නාලිකාවල ගණිතය සම්බන්ධ දේශන පවත්වන ප්‍රසිද්ධ දේශකයකු වන දිනේෂ් නුවන් අමරතුංග යන අයගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් බව කොළඹ අපරාධ කොට්‌ඨාසය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙම පහරදීම සිදුවන අවස්‌ථාවේ එම දේශකයා ද ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක සිට ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ දේශකයා සහ ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් ඉංගිරිය ප්‍රදේශයේ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක කළ ද සැකකරුවන් ප්‍රදේශය අතහැර ගොස් සිටි බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
මෙම ප්‍රහාරය එල්ල කළ පිරිස පැමිණි ඩිපෙන්ඩර් රථය සහ ප්‍රාඩෝ වර්ගයේ පීප් රථය හඳුනාගෙන ඇති අතර මෙම වාහන අත්අඩංගුවට ගැනීමට ද විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
මාර්ගය ඉඩ ලබා නොදීම නිසා කෝපයට පත්වූ මෙම පිරිස කළගෙඩිහේන ප්‍රදේශයේදී මහා මාර්ගයේ වෑන් රථයක් නවතා වෑන් රථයට පහරදී අලාභහානි කරනු ලැබුවේ පෙරේදා (18 වැනිදා) දහවල් කාලයේදීය.
මේ සම්බන්ධව විමර්ශනයක් පවත්වන ලෙස වැඩ බලන පොලිස්‌පති චන්දන වික්‍රමරත්න මහතා විසින් කොළඹ අපරාධ කොට්‌ඨාසයට භාරදී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...