දේශීය පුවත්

ජාතික ආරක්ෂාව, ආර්ථික සමෘද්ධිය හා තරුණ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම යන කරුණු ති‍්‍රත්වය මුල් කරගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කෙරෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (18) පක්ෂ මුලස්ථානයේ පැවැති තරුණ වෘත්තියවේදීන්ගේ සමුළුවට එක් වෙමිනි.

රටක් ලෙස ඉදිරියට යාමට තාක්ෂණ ක්ෂේත‍්‍රයේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී බව මෙහිදී සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා ඒ අනුව පාසල් අධ්‍යාපන විෂය ධාරාවට තාක්ෂණ විෂය ඇතුළු කිරීමෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කිරීමට හැකි වූ බව අවධාරණය කළේය.

ශී‍්‍ර ලංකාව ප‍්‍රීතිමත් රටවල් දර්ශකයේ ඉහළින් තැබීම තරුණ වෘත්තීයවේදීන්ගේ දැක්ම වනඅතර ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේදී ජනතාව සිටින්නේ සතුටින්ද යන කාරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට පක්ෂය අපෙක්ෂා කරන බවද ඒ මහතා සදහන් කලේය.

මෙරට මැතිවරණ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට මැතිවරණ ව්‍යාපාරකදී ජනතාවගේ තෘප්තිමත්භාවය පිළිබඳ විමසීමක් කෙරෙන අවස්ථාව මෙය බවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි රජයක් යටතේ ජනතාව සතුටින් තැබීමට එම නිර්ණායක උපයෝගී කරගන්නා බවත් එහිදී වැඩිදුරටත් සදහන්විය.

මේ අවස්ථාව සදහා නිතීඥ, වෛද්‍ය, ගණකාධිකාරි ඇතුලූ වෘත්තීන් රැසක් නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගි වූ අතර රට ගොඩනගන පොදුජන පෙරමුණු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සැකසීමේ දී එහි ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් තරුණ වෘත්තීයවේදින්ගේ අදහස් හා යෝජනා මෙහිදී සාකච්ඡාවට බදුන් කෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More