දේශීය පුවත්

දේශපාලනඥයින් විසින් ජනතාවට ඉහළ සිට පහළට ආදර්ශය ලබා දිය යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

මොරටුව ප්‍රදේශයේ පැවති උත්වසයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය තුළ වාණිජ යන කොටස තුළ වෙනදාටත් වඩා සංකීර්ණ තත්ත්වයක ඇති අමාත්‍යාංශයක් බවට වර්තමානයේ පත්ව ඇතැයි ද පතිරණ මහතා කියා සිටියේය.

එයට හේතු ගණනාවක් ඇති බවත්, ලංකාවේ අමාත්‍යාංශයක් සතුව ඇති වැඩිම රාජ්‍ය ආයතන ගණන නියෝජනය කරන්නේ මෙය බව ද පැවසු වැඩබලන අමාත්‍යවරයා, අපේ අමාත්‍යාංශයේ නම ලියන්න කොළයක පේළි තුන හමාරක්වත් යන බවද පැවසීය.

ලංකාවේ දිගම නම තියෙන අමාත්‍යාංශය මෙය බව ද පැවසු බුද්ධික පතිරණ මහතා, ඡාවාරම්කාර බහුජාතික සමාගම්වලට මම නම් නැමෙන්න කැමති බව ද කියා සිටියේය.

රටේ ජනතාව සුදානමින් ඇත්තේ දේශපාලඥයෝ ආදර්ශය ඉහළින් ලබා දෙනවා නම් යනුවෙන් පැවසු බුද්ධික පතිරණ මහතා, අවාසනාවට දේශපාලඥයෝ ආදර්ශය පහලින් උඩට එන තුරු බලා සිටින බව ද පැවසීය.

නමුත් ආදර්ශය දිය යුත්තේ ඉහළ සිට පහලට බවත් එසේ කැප වෙන දේශපාලඥයින් සිටිනම් නිසැකයෙන්ම රට ගොඩ නඟන්න ජනතාව එක්වන බව ද පතිරණ මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More