විදේශ පුවත්

ගල්ෆ් මුහුදට ඉහළ ගුවනේදී ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කර සිටියේය.

ජාත්‍යන්තර මුහුදු සීමාවට අයත් හෝමූස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු ප්‍රහාරක නෞකාවකට බලපෑම් කිරිම හේතුවෙන් ඉරානයට අයත් ඩ්‍රෝන යානයක් එලෙස බිම හෙලූ බව ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

ජාත්‍යන්තර මුහුදු සීමාවේ යාත්‍රා කරන නෞකාවලට එරෙහිව ඉරානය සිදු කරන ක්‍රියාවල නවතම සිදුවීම මෙය වන බව අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කරයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ස්ථානගත කර තිබෙන අමෙරිකානු යුධ නෞකාවක් වන USS Boxer නම් ප්‍රහාරක නෞකාවට මිටර් 914ක ආසන්නයට පැමිණිම හේතුවෙන් ඉරාන ඩ්‍රෝන යාත්‍රාව විනාශ කිරිමට එම නෞකාව පියවර ගෙන ඇත.

අමෙරිකාව සදහන් කරන්නේ සිය නෞකාවේ ආරක්ෂාව වෙනුවෙන් එලෙස ප්‍රහාරයක් එල්ල කිරිමට පියවර ගත් බවයි.

සිය ඩ්‍රෝන යානයක් විනාශ වූ බවට මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බවට ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර සිටියි.

ඉරානය විසින් ඉකුත් ජුනි මාසයේදී අමෙරිකානු ඩ්‍රෝන යාත්‍රාවකට ප්‍රහාර එල්ල කර බිම හෙලනු ලැබීය.

කෙසේ වුවත් වත්මන් සිද්ධින් සමග අමෙරිකාව සහ ඉරානය අතර දැඩි අර්බුධකාරි වාතාවරණයකට ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More