දේශීය පුවත්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගග දෙසට නායගොස් වෙළදසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

අද (19) අලුයම 2 ට පමණ මෙම නාය යාම සිදු වි ඇති බවයි ගිනිගත්හේන පොලිසිය පවසන්නේ.

ගිනිගත්හේන පොලිසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටක් මෙසේ නාය ගොස් ඇත.

ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ අවධානමක් පවතින නිසා පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙසයි ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

දෙමහල් ගොඩනැගිලි සහිත නාය ගිය වෙළදසැල් අතර සිල්ලර වෙළදසැල් කිහිපයක් , එලවළු අලෙවි කරන වෙලදසැල් කිහිපයක් , අවහන්හල් දෙකක් , සැලුනයක් සහ විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් තිබු බවයි පොලිසිය පවසන්නේ.

විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙළදසැලේ සිටි සේවකයා මෙසේ අතුරුදහන් වී තිබේ.

නායයමට ලක් වු වෙලදසැල් සහ ඊට යාබදව පිහිටි වෙළදසැල් ගණනාවක් නායයමේ අවධානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මිට ප්‍රථම හදුනාගෙන එම වෙලදසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙස අවස්ථා කිහිපයකදි දැනුම් දි තිබුණි.

අතුරුදහන් වු සේවකයා සොයා යුධ හමුදාව සහ පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇති අතර තවදුරටත් මධ්‍යම කදුකරයට අයහපත් කාලගුණයක් පවති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More