ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි සැලසුම්වලදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිළිගන්නා බව මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
වහබ්වාදයේ සුක්ෂම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය හමුවකදී අද (18) ඔහු ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරමින් මේ බව සඳහන් කළේය.
ඉන්දියාවේ බංග්ලාදේශයේ අධිකරණ මගින් තහනම් කොට ඇති ජමාත් ඉස්ලාම් සංවිධානයේ නියෝජිතයන් සිටින ශ්‍රී ලංකා ජමයති ඉස්ලාම් සංවිධානයේදී ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගී සංවිධානයක් වී ඇති බව ප්‍රකාශ කර සිටියේය.
මරාගෙන මැරෙන සංකල්පය ආගමිකව පිළිගෙන සම්ප්‍රදායික ඉස්ලාම් ධර්මයේ ප්‍රතිසංස්කරණ මුවාවෙන් හානි සිදු කරන ජමාති ඉස්ලාම් සංවිධානයේ සහයෝගය ලබා ගැනීමට ජවිපෙට සිදුවීම හාස්‍යයට කරුණක් බවද මොහොමඩ් මුසම්මිල් පැවසුවේය.
භික්ෂුන්ට විරුද්දව ආණ්ඩුව විසින් සැලසුම් සහගතව අපහස සිදු කිරීම සඳහා කතෝලික ආගමේ රන්ජන් රාමනායකව යොදා ගන්නා බවත් මුසම්මිල් කියා සිටියේය.
මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කාති උසාවිවල ක්‍රියාමාර්ග ඉතා කෘර බව සඳහන් කර මාධ්‍ය ලේකම්වරයා මද්‍රසා පාසල් වහාම රජයට පවරාගත යුතුයැයි කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...