නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලාට අයත් බව කියන පුනානි හි ඉදිකරමින් පවතින “බැටිකලෝ කැම්පස්” පෞද්ගලික විශ්ව විද්‍යාලය සදහා සෞදි අරාබියේ තහනම් සංවිධානයක් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික මුදලක් මෙරට රාජ්‍ය බැංකුවකට එවා ඇතැයි කියන සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (18) දැනුම් දුන්නා.
ලංකා හිරා පදනම සහ බැටිකලෝ කැම්පස් කොලේජ් පුද්ගලික සමාගම සහ බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම සදහා සෞදි රාජ්‍යයේ තහනම් සංවිධානය විසින් ලබා දී ඇතැයි කියන මෙම මුදල්වල නිත්‍යානුකූලභාවය හා එම මුදල් එම විශ්ව විද්‍යාලය ඉදිකිරීම සදහා යොදා ගත්තාද නොඑසේනම් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් සදහා යොදවා ගත්තේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බව සිද්ධියට අදාළව කරුණු වාර්තා කරමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂය විසින් අධිකරණයට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියන් මඩකලපුව පොලිස් අධිකාරී කාර්යාලයට කළ පැමිල්ලකට අනුව පොලිස්පතිවරයා එම පැමිණිල්ල විමර්ශනය කිරීම තමන්ට යොමු කළ බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වාර්තාවක් මඟින් අධිකරණයට දැනුම් දුන් අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ මෙන්ම ත‍්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්මුති පනතේ යටතේ වරදවල් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද දැනුම් දි තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...