පවතින දැඩි වර්ෂාපතනය සමඟ කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු ගෙඟේ ජල මට්ටම රත්නපුර ප‍්‍රදේශයෙන් සහ කැලණි ගෙඟේ ජල මට්ටම කිතුල්ගල සහ නෝර්වුඞ් ප‍්‍රදේශයන්ගෙන් පිටාර මටට්මට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආර් අලවතුගොඩ මහත්මිය පැවසුවාය.
ඉදිරියේදීත් වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර ඇති බැවින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ කළු ගඟ ආසන්නයේ ජීවත් වන ජනතාව හා එහි අතු ගංගාවන් දෙපස පහත්බිම්වල පදිංචි ජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ඇය කීවාය.
කෙසේ වෙතත් ගංගාවන්හි ජල මට්ටම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විමසිල්ලෙන් පසුවන බවත් ජල මටට්ම ඉහළ යාමේ අවදානම් අවස්ථාවල කල්වේලා ඇතිව ජනතාව දැනුම්වත් කරන බවත් අධ්‍යක්‍ෂවරිය සඳහන් කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...