වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත් කර නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පති සී ඩි වික්‍රමරත්න, පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලිඛිතව උපදෙස් ලබා දී තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවට අගතියට පත් පාර්ශවය ජාතික පොලිස් කොමිසමට කරන ලද පැමිණිලි සැලකිල්ලට ගනිමිනි.
ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්නට ලිපියක් ද යොමු කර තිබේ. එම ලිපිය වැඩබලන පොලිස්පතිවරයා විසින් විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කර ඇති අතර විශේෂ විමර්ශන ඒකකය යටතේ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර වෛද්‍ය මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත.
සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යකරණයට ලක් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි ඉකුත් ද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...