දේශීය පුවත්

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ජිප් රථ දෙකකට ඉදිරියෙන් ගමන් කළ වෑන් රථයක් පසුකර යාමට ඉඩ ලබා නොදීම හේතුවෙන් ජිප් රථයේ සිටි ආරක්ෂක නිලධාරින් විසින් වෑන් රථයට පහරදී තිබේ.

කලගෙඩිහේන ප්‍රදේශයෙන් මාර්ගයේ අළුත්වැඩියා කටයුත්තක් සිදු කිරීම හේතුවෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබූ බව වෑන් රථයේ රියදුරු සඳහන් කළේය.

එම නිසා පසු පසින් පැමිණි ජිප් රථ දෙකකට සිය රථය පසුකරයාමට අවස්ථාවට ලබාදීමට නොහැකි තත්ත්වයක් තිබූ බව ද ඔහු පැවසුවේය.

එහෙත් එම අවස්ථාවේ ජිප් රථ දෙකෙහි පැමිණි ආරක්ෂක නිලධාරින් විසින් මාර්ගය හරස්කොට වෑන් රථයට පහරදීමක් සිදු කර තිබේ.

එම අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට මේ පිළිබඳ දැනුවත් කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අදාළ ජිප් රථ දෙක වෑන් රථයට පහරදී පලාගොස් ඇති බව වෑන් රථයේ රියදුරු සඳහන් කළේය.

එම ජිප් රථ දෙකෙහි දෙකෙහි අංක ඩබ්ලිව්.පී සී.ඒ.ඩී 8850 දරණ ඩිෆෙන්ඩර් රථයත්, ඩබ්ලිව්.පී සී.ඒ.ජී 0550 දරණ ප්‍රාඩෝ රථයත් වන බවයි වෑන් රථයේ රියදුරු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More