එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ක්ලෙමෙන්ට් නයලෙට්සෝසි වුල් මහතා සංචාරයක් සදහා අද (18) දිනයේ දිවයිනට පැමිණිමට නියමිතව ඇත.ඔහු දින 09ක කාලයක් මෙරට රැදී සිටින අතර ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරිමට නියමිත බවයි වාර්තා වෙයි.
මෙරට ප්‍රජා අවකාශය පුළුල් කිරිම ශක්තිමත් සහ ස්වාධින ආයතන පිහිටුවිම සහ රට තුළ සත්‍ය හා සංහිදියාව වැනි කරුණු සම්බන්ධයෙන් කැපී පෙනෙන දියුණුවක් ලබා ගැනිම සදහා ප්‍රසංශනීය උත්සහයක් දක්නට ලැබෙන බව වුල් මහතා පවසයි.
මෑත කාලීන ඛේදජනක පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු වැදගත් අභියෝගයන්ට රට මුහුණදීමට සිදුවී ඇති අවස්ථාවකදී මහජන නිදහස තවදුරටත් ශක්තිමත් කිරිම සඳහා මෙම සංචාරය ඉවහල් වනු ඇති බව ක්ලෙමෙන්ට් වුල් මහතා පෙන්වා දෙයි.
ඔහු සිය සංචාරය තුළදී රජයේ නිලධාරින්, අධිකරණ, ව්‍යවස්ථාදායක, මාධ්‍ය, සිවිල් සමාජ හා වෘත්තිය සමිතිවල නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද හමුවීමට නියමිතව ඇත.සිය සංචාරය තුළදී උතුරු නැගෙනහිර සහ දකුණු පළාතේ ද සංචාරය කිරීමට වුල් මහතා සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
මේ අතර පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීම සදහා විශාල ලෙස දායකවූ වෙබ් මාධ්‍යෙව්දීන් කිහිපදෙනෙකු හමුවී වර්තමාන තත්වය පිළිබද කතා කිරීමටද එම නියෝජිතයා සූදානමින් සිටින බව වාර්තාවේ.
හදිසි නීති සම්පාදනය කිරිමේ සන්ධර්භය තුළ අයිතිවාසිකම් සඳහා පනවා ඇති සීමාවන් සාමකාමීව එක්රැස්වීමේ නිදහස යන ගැටළු පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සංචාරය තුළදී අධ්‍යයනය කිරිමට නියමිතව ඇත.ලබන වසරේ ජුනි මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසිවාරයට සිය සංචාරය පිළිබඳව වුල් මහතා විසින් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...