විදේශ පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුලු ජාතික ඡන්ද වලින් පැමිණ එරට කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරනා මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රීනියකට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයක් දැඩි අවදානයට ලක්ව තිබේ.

මෙම මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රිනිය විසින් පසුගිය කාලයේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිවාදියෙකු යැයි චෝදනා කරමින් ඇමෙරිකාවේ සුලු ජාතික අයිතිවාසිකම් වැඩි කළ යුතු යැයි දිගින් දිගටම ප්‍රකාශ සිදු කර තිබේ. ඇය සෝමාලියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ මුස්ලිම් කාන්තාවකි.

ඇයගේ ක්‍රියාකලාපයට පිළිතුරු ලබා දෙන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ සාංක්‍රමණිකයෙකුට ඇමෙරිකාවේ සිටීමට නොහැකි නම් ඕනෑම මොහොතක ඇමෙරිකාවෙන් පිට විය හැකි බවයි. ඇමෙරිකාවේම සිටිමින් ඇමෙරිකාව විවේචනය කිරීමට වඩා ඇමෙරිකාවෙන් පිටවීමට තමන් යෝජනා කරන බවත් ඇමෙරිකානු ජනපතිවරයා පවසනවා.

ඉන්පසුව ඇමෙරිකානු ජනපතිවරයා පවසන්නේ ඇමෙරිකාව ඇමෙරිකානුවන්ගේ රට බවත්, සංක්‍රමණික සුලු ජාතිකයන්ට අවශ්‍ය පරිදි ඇමෙරිකාව නැටවීමට තමන් ඉඩ නොදෙන බවයි.

මේ අතර මෙම ප්‍රකාශයත් සමග ඇමෙරිකානු ජනතාව සීග්‍රයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතට ඒකරාශී වෙමින් සිටිනා අතර මෙම සුලු ජාතික මන්ත්‍රීවරිය නැවතත් ඇය පැමිණි සෝමාලියාවට පිටමන් කරනා ලෙසට ඇමෙරිකානු ජනතාව ඉල්ලා සිටිමින් තිබේ.

සුලු ජාතික මන්ත්‍රීවරිය පිටමන් කරන්න යැයි රැලියකදි ඇමෙරිකානු ජනතාව ඝෝෂා නැගූ අයුරු,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More