විදේශ පුවත්

සුඩානයේ හමුදා පාලක කවුන්සිලය සහ විපක්ෂ සන්ධානය ඊයේ (17) දේශපාලන ගිවිසුමකට අත්සන් තැබු අතර දකුනු සුඩාන දේශ සීමාවේදී සත් දෙනකු වෙඩි තබා ඝාතනයකර ඇත.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ කවුරුන් විසින්ද යන්න හෙළිදරව් නොවන නමුත් මියගොස් ඇත්තේ එක්සත් ජාතින්ගේ සාම සාධක භටයකු, දරුවකු හා තවත් සිවිල්වැසියන් පස් දෙනකු වෙති. අප්‍රිකානු මැදිහත්කරුවන්ගේ සහභාගීත්වයෙන් අත්සන් තැබුණු දේශපාලන ගිවිසුම සුඩානයේ නව බලය බෙදීමේ යාන්ත්‍රණයේ කොටසක් වන අතර සුඩානයේ අගනුවර වන කාටුම්හිදී ගිවිසුමේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් මේ වසර මුලදී දෙපාර්ශවය අතර පූර්ව එකඟතා ඇති කරගන්නා ලදී.

මේ ගිවිසුම අත්සන් තැබීමෙන් සුඩානයේ හමුදා නායකයන් අතර තිබෙන බලය දේශපාලන යාන්ත්‍රණයකට හුවමාරු වනු ඇත. සති ගණනක විරෝධතා වලින් පසුව ඉකුත් අප්‍රේල් මාසයේ දී සුඩාන හමුදාව හිටපු ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකළේය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාශනයක් සම්බන්ධයෙන් ද පාර්ශව දෙක අවධානය යොමු කර තිබෙන බවද කෙටුම්පත් ලියවිල්ලකට සිකුරාදා අත්සන් තබනු ඇතැයි පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More