දේශීය පුවත්

2019 ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පළාත් සභා නවය අතරින් දැනට ක්‍රියාත්මක වන එකම පළාත් සභාව වන ඌව පළාත් සභාව ද විසුරුවා හැර සියලු පළාත් සභා සඳහා මැතිවරණය එකම දිනයක පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සඳහන්.

2019 ඔක්තෝබර් 08 වනදාට කාලය අවසන් වීමට නියමිතව ඇති ඌව පළාත් සභාව මේ සතිය තුළ විසුරුවා හැරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙහිදී තීරණාත්මක ජනාධිපතිවරණයට පෙර තම තමන්ගේ ශක්තිය උරගා බැලීමට සියලු පාර්ශ්වයන්ට අවස්ථාව හිමිවනු ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැඟීමට නියමිත සන්ධානය ද ඉතා කඩිනමින් ගොඩනැඟීමට සිදුවනු ඇත.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද දිගින් දිගටම අවධාරණය කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More