දේශීය පුවත්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය කාලයේ අමාත්‍යධුර දැරූ අමාත්‍යාංශවල සිදුවූ වංචා දූෂණ ඇතුළත් ලිපිගොනු 47ක් තමන් සතුව පවතින බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පවසයි.

අද(17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙලසෙ චෝදනා කළේය.

පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පෙන්වා දුන්නේ අයථා ලෙස ඉපැයූ කොමිස් මුදල්වලින් මංගල සමරවීර අමාත්‍යවරයා ලන්ඩන් නගරයේ නිවාස 06ක් මිලට ගෙන ඇති බවයි.

උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ මහජන දේපළ ගසා කෑමට කටයුතු කළ ලංකා ඉතිහාසයේ දරුණුම තක්කඩියා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඔහුගේ ගෝලයන් බවයි.

මංගල සමරවීර ඇමතිවරයා විසින් සිදුකරන ලද අයථා කොමිස් ගනුදෙනුවලින් පමණක් ලන්ඩනයේ නිවාස 06ක් මිලට ගෙන ඇති බවද සඳහන් කළ උන්වහන්සේ ඉන් එකෙක වටිනාකම පවුම් මිලියන 03 සිට පවුම් මිලියන 18 දක්වා ඉතා ඉහල අගයන් වන බවද කියා සිටියහ.

සමහර දේපල ඇමති මංගල නමින් නොතිබුණද ඒවා ඔහුගේ යැයි ඔප්පු කිරීමට සාධක තමන් සතුව ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

මීට අමතරව මංගල සමරවීර ඇමතිවරයාගේ සමීපතම ගෝලයන් දෙදෙනකු වන තුසිත හල්ඔලුව සහ සමීර මනහර සියළු හොරකම්වලට සම්බන්ධ නීල මදන හොරුන් බවද උන්වහන්සේ පැවසූහ.

කරුංකා කන්ටේනර් සිය ගානක් හා ගම්ස්මිරිස් කන්ටේනර් සිය ගණනක් ගෙනවිත් ප්‍රතිඅපනය කිරීම් හරහා ඇමති මංගප අයථා මුදල් ඉපයූ බව ද උන්වහන්සේ චෝදනා කළහ.

එතනෝල් කන්ටේනර හයක් කිසිදු බද්දක් නොගෙවා වරායෙන් නිදහස් කරගත් බවද උවන් වහන්සේ කීහ.

මංගල සමරවීර ඇමැතිවරයා විසින් මෙසේ වංචනික ලෙස උපයන ලද මුදල ඩොලර් කෝටි 600ට වඩා වැඩි බවත් කී උන්වහන්සේ තමන් අද පහර දුන්නේ සිල්ලර කාසි වලින් පමණක් බවත් ඉදරියේදී 1000, 5000 කොලවලින් පහර දෙන බවද සදහන් කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More