දේශීය පුවත්

පාන්පිටි මිල හිතුමතේ වැඩි කරමින් දඟලන්නට ආවොත් කිරිපිටි සමාගම් දණ ගැස්වූ ආකාරයෙන් පාන්පිටි සමාගම් ද දණ ගස්වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ, සමූපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.

පාන්පිටි සමාගම් දෙකක් පාන් පිටි මිල ඉහළ නංවා ඇත්තේ එසේ මිල වැඩි කළ නොහැකි බව නීතිපතිවරයා පවා කියා තිබියදී බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩි මිලට පාන්පිටි අලෙවි කරන ස්ථාන වටලා අත්අඩංගුවට ගැනීම් සිදුකරන ලෙස තමා අද පෙරවරුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන් බව කී ඇමතිවරයා පැය 3ක් තුළ එවන් ස්ථාන 51ක් ඔවුන් විසින් වටලා තිබෙන බවද කීවේය.

අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (17) පැවති ජාත්‍යන්තර තරුණ නිපුණතා දින සැමරුම් උළෙලේදී අදහස් දක්වමිනි.

පාන්පිටි සමාගම් පාලනය කළ නොහැකි නම් තමා මෙම ඇමතිධූරය දැරීමේ තේරුමක් නැතැයිද බුද්ධික පතිරණ මහතා කීවේය.

තමන් ලීයකට ඇතුළු වූ කුරුමිණියෙක් වැනි යැයි කී ඇමතිවරයා යමක් ආරම්භ කළ පසු ඉදිරියට මිස පසුපසට නොයන බවද කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More