දේශීය පුවත්

විදේශ රටවල් සහ  විදේශ සංවිධාන   සමඟ ශ්‍රී ලංකාවේ රජය හෝ රාජ්‍ය ආයතනයක් ඇතිකරගන්නා ගිවිසුම් වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ අනුමැතිය ඇතිව මෙම යෝජනාව තමා මේ සතිය ඇතුලත කථානායක කරු ජයසූරිය මහතාට භාර දෙන බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩු පාලනයේ උත්තරීතර ආයතනය වූ වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට ශ්‍රී ලංකා රජය විසින් විදෙස් රාජ්‍යයන් සහ විදෙස් සංවිධාන සමග ගිවිසුම් වලට එළඹීම පාර්ලිමේන්තුවේ ජනතා පරමාධිපත්‍යයට පටහැනි හෝ නොගැලපෙන බව මෙම යෝජනාවට ඇතුළත් කර තිබෙන බව වාසුදේව නානායක්කාර මහතා පෙන්වාදෙයි.

එම ගිවිසුම් පිළිබඳ අදාළ තොරතුරු විමසීමේ දී ඒවායේ  ඒවායේ අන්තර්ගතය හා ඇතිවූ එකඟතාවය ගැන ඒකාබද්ධ විපක්ෂය මෙතරම් විමසීම් සිදු කළ ද ඒ ගැන පාර්ලිමේන්තුවට දැනුම්දීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව පැකිලෙන බවද නානායක්කාර මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මෑතකදී ඇමරිකා එක්සත් ජනපද ආණුඩුව සමග සාකච්ඡා පවත්වා අත්සන්කොට තීරණයට එළැඹ සිටින ACSA ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට විදේශ කටයුතු අමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩලය ඉදිරියේ පවා පොරොන්දු වුවද එය මේ දක්වා ඉටුකර නොමැති බවද නානායක්කාර මහතා සිහිපත් කරයි. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට එම තොරතුරු දැන ගැනීමේ අයිතියක් තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More