දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ සහ මොහාන් ලාල් ග්‍රේරෝ යන අය ඉතා නුදුරේදීම එජාපයට එක්වීමට නියමිත බව වාර්තා වේ.

ඉකුත් 9 සහ 10 යන දින පර්ලිමේන්තුවේ පැවති ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේදී ඔවුන් දෙදෙනා ඊට පක්ෂව ජන්දය දීමෙන් වැලකි සිටියේ ද ඒ හේතුව නිසාවෙනි. විශ්වාසභංගයේදී ඊට පක්ෂව ජන්දය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුනද ඔවුන් දෙදෙනා ඊට අවනත නොවී ජන්දය දීමෙන් වැලකි සිටියේය.

මහින්ද සමරසිංහ මහතා පහුගිය වකවානුව තුල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වඩා සමීපව සහ විශ්වාසවන්තව සිටියද අද ඔහු ජනාධිපතිවරයාගෙන් දුරස්ව කටයුතු කරන බවද වාර්තා වේ.

මේ දෙදෙනාම සිය පාර්ලිමේන්තු දේශපාලන ගමන් මඟ ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයෙනි.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එජනිස මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුනි සොයිසා, පියසේන ගමගේ, ෆවුසි, ලක්ෂ්මන් සෙනවිරත්න, ඉන්දික බණ්ඩාරනායක සහ මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට සහය ලබා දෙමින් සිටි.

asian mirror



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More