දේශීය පුවත්

මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයකම අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව වහබ් අන්තවාදය පෝෂණය කරන මුස්ලිම්  දේශපාලකයින් බේරා ගැනීම  සඳහා ප්‍රබුද්ධ යැයි පෙනෙන මුස්ලිම් විද්වතුන් සහ ව්‍යාපාරිකයන් යොදා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් වී ඇත.

ඒ අනුව රිෂාඩ් බදුර්දීන්, අසාත් සාලි, සහ රවුෆ් හකීම් වැනි ආගමික අන්තවාදය පෝෂණය කරන බවට චෝදනා එල්ල වන දේශපාලකයින් තරහ කර ගැනීම ඇඟට ගුණ නැති බව මෙම අතරමැදියන් හරහා  දේශපාලන පක්ෂ නායකයන්ට ඒත්තු ගැන්වීමේ මෙහෙයුම දියත් වී ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ‘‘බැලන්ස්‘‘ කිරීම් සඳහා විශාල බරක් යොදා ඇති බව සහ ඒ සඳහා ප්‍රබල මුස්ලිම් නීතිඥයකු යොදවා ඇති බව අදාළ ආරංචි මාරමාර්ග පවසයි.

රිෂාඩ් සහ හකීම් යන අමාත්‍යවරුන්  30%  බැගින් මුස්ලිම් ඡන්ද තිබෙන බැවින් ඔවුන් සතුටු කිරීමේ වැදගත්කම ඔහු විසින් අවධාරණය කරන බවද වාර්තා වේ.  මහින්ද රාජපක්ෂ මහතා නුගේගොඩ රැස්වීමට  සහභාගි වූ පිරිස් වලට බැන වදින ආකාරය අනුව එම උපක්‍රමය සාර්ථක වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More