දේශීය පුවත්

ගරුතර මහා සංඝරත්නය පිළිබඳව තමා කළ ප්‍රකාශයක් විකෘති කර සංස්කරණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ කළ කරුණු විමසීමට පිළිතුරු ලිපියක් යොමුකරන බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් මහතා පැවැසීය.

ඒ අනුව අද දිනයේදී තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙන බවත් තම ප්‍රකාශය විකෘති ලෙස සංස්කරණය කිරිමට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර වන්දි ඉල්ලීමට නඩු පවරන බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ගරුතර මහා සංඝරත්නයෙන් බහුතර සිල්වත් හිමිවරුන් බවත් තමන් සඳහන් කළේ ඉතාමත් සීමිත භික්ෂූන් වහන්සේලා පිරිසක් පමණක් බවත් ඔහු පැවැසීය.

“මම බදාදා (17දා) අගමැතිතුමා හමුවෙනවා. මම පිළිතුරු ලිපියකුත් ලියනවා. මම මේ ප්‍රකාශය කරලා සති දෙකක් විතර ඇති.මගේ ප්‍රකාශය විකෘති කරලා පළ කර තිබෙනවා. මම කිව්වේ ලේ ඉල්ලන, වැඩියෙන්ම කෑ ගහන ජාතිවාදය පතුරුවන අයගෙන් 90%ක් කියලයි මම කිව්වේ.

එතකොට ලේ ඉල්ලන කෑ ගහන හාමුදුරුවෝ ඉන්නේ 15-20ක් විතර. අනිත් අය බොහොම සිල්වත් හාමුදරුවරු ඉන්නේ. ඒ අය කෑගගහා හැමතැනම යනවා. ඒ අය කුඩා කාලයේ යම් කිසි අතවරයකට ලක්වෙලා ඇති ඒක චෙක් කරන්න කියලා තමයි කියන්නේ.

මගේ ප්‍රකාශය විකෘති කරලා, සංස්කරණය කරපු එක්කෙනාට විරුද්ධව මම මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් කරලා වන්දියක් ඉල්ලනවා.

මම ගරුතර මහා සංඝරත්නය පසඟ පිහිටුවා වදිනවා. ගෞරවණිය මහා සංඝරත්නයට හිත රිදෙන දෙයක් කිව්වේ නෑ. දූෂිතයන්ට වදින්න බෑ. බුදුහාමුරුවන්ගේ නියම බෞද්ධ පුත්‍රයන්ට පසඟ පිහිටුවා වදිනවා. අපචාර කරපු, ස්ත්‍රී දූෂණ කරන ලේ ඉල්ලන හාමුදුරුවන්ට වදින්න බෑ.”

– ada



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More