දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවෙන් මහා සංඝරත්නය තරම් පීඩාවට පත්වුණ පිරිසක් තවත් නොමැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍යාමෝපාලී වනවාස මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කර්මාචාර්ය ශ්‍රී පාල බෝධි රාජ විවේක සේනාධිපති පූජ්‍ය කළු බෝවිටියන විමලරත්න නාහිමියන්ට දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධූරයට පත්වීමට අදාල අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයට ඊයේ (15) පස්වරුවේ එක්වෙමිනි.

“සාසනය ආරක්‍ෂා වෙලා තියෙන්නෙ මහා සංඝරත්නය නිසයි. අද හාමුදුරුවරුන් හිරගෙවල්වල දමනවා විතරක් නොවෙයි නොයෙක් අපහාස කිරීමට මෙම ආණ්ඩුව පෙළඹිලා. මෙම ආණ්ඩුවෙන් මහා සංඝරත්නය තරම් පීඩාවට ලක්වූ පිරිසක් තවත් නෑ.

මෙම පාලකයන් ගරුතර මහා සංඝරත්නයට අපහාස උපහාස කිරීමෙන් නොනැවතී අනෙකුත් ආගමික නායකයින්ටත් අපහාස කිරීමට පෙළඹිලා. මොවුන් භික්‍ෂූන් වහන්සේලාට ආගමික නායකයින්ට අපහාස කරන්නේ ජනතාව උසිගැන්වීමටයි.

මෙවැනි තත්වයකට රට පත්ව ඇති වෙලාවක ජනාධිපති හා අගමැති එවැනි ප්‍රකාශ කරන මැති ඇමතිවරුන්ට විරුද්ධව කටයුතු කළ යුතුයි. ඔවුන්ට ජනතාවගෙන් සමාව ගැනීමට පැවසිය යුතුයි. අපේ රට බෞද්ධ රටක් නොවෙයි කියන නායකයින් මෙහේ ඉන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More