දේශීය පුවත්

තිස්වසරක යුද්ධයක් නිමා කළ රටක ජනතාව, නිදහසේ හුස්ම ගනිමින් සිටියදී තමයි පාස්කු ඉරිදා දින ප්‍රහාරය සිදු වුණේ. එය සුළුවෙන් සැලකිය හැක්කක් නොවේ. ඒ පිළිබඳව සොයා බලන්න ආණ්ඩුව ‘නල්ලමලේ නඩුකාර කට්ටලයක්’ පත්කර තිබෙනවා. ඒ කෝලං කාරක සභාවේ මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ පියා වූ ඊබ්‍රාහිම්ගේ පක්ෂයේ නලින්ද ජයතිස්ස ඉන්නවා. නැගෙනහිර පළාතේ ඉන්න සුෆී මුස්ලිම්වරුන් සහරාන්ගේ අන්තවාදී ක්‍රියා පැමිණිලි කරද්දී ඒවා යට ගසා ඔහු සමග ගිවිසුම් ගහපු රවුෆ් හකීම් ඉන්නවා. කල් ඉකුත් වූ, ප්‍රමිතියෙන් තොර ඖෂධ මේ රටේ ජනතාවට පොවපු ‘සුවපති’ ඉන්නවා. සරත් ෆොන්සේකා මහත්තයා ගැන මම මොකුත් කියන්නේ නැහැ. මේ අය අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය ඉදිරියට දමාගෙන ‘රියැලිටි ෂෝ’ පෙන්වමින් ජනතාවගේ අවධානය වෙනතකට හරවන්න හදනවා.

‘ඊළඟ බුද්ධි අංශ මහා පාවාදීම’

‘මිලේනියම් සිටි’ මහා පාවාදීම සිදු කරපු, බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමා, බුද්ධි මෙහෙයුම් බිඳ දැමූ මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩය දැන් සැරසෙන්නේ එවැනිම මහා පාවාදීමක් සිදු කරන්නයි. දැන් මේ රටේ ‘කෝලං කාරක සභාව’ ඉදිරියට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කැඳවන්නයි සූදානම් වෙන්නේ. මෙතෙක් කිසිවකු හඳුනානොගත්, එක්තරා ආකාරයක අර්ධ රහසිගත ජීවිතයක් ගත කිරීමට සිදුව ඇති, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශාල වගකීමක් පැවරී ඇති, මෙරට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙලෙස මේ ‘රියැලටි ෂෝ’ එකට ගෙනැවිත් ප්‍රශ්න කළාම මොකද වෙන්නේ? ඔහු රට හමුවේ පමණක් නොවෙයි ලෝකය පුරාම අනාවරණය කෙරෙනවා. ඔහු සතුව ඇති සංවේදී බුද්ධි තොරතුරු රැසක් විමසා මෙරට බුද්ධි මෙහෙයුම් ජාලය සම්පූර්ණයෙන්ම වනසා දමන්නයි මේ දේශද්‍රෝහීන් සැරසෙන්නේ. සහරාන්ලා මරාගෙන මැරෙන ප්‍රහාරවලට සූදානම් බව දැනුම් දුන්නේ රාජ්‍ය බුද්ධි අංශය බව අමතක කරන්න එපා. මේ දේශද්‍රෝහී ආණ්ඩුව මෙමගින් තවත් වහබි ත්‍රස්ත ප්‍රහාරයකට පාර කපා දෙන බව ඔබ වටහාගත යුතුයි. ඒ නිසා සහරාන් එල්ල කළ ප්‍රහාරයට වඩා වැඩි ප්‍රහාරයක් මේ රටේ ‘කෝලං කාරක සභාව’ විසින් ජාතික ආරක්ෂාවට එල්ල කරනවා. මේ දේශද්‍රෝහී ආණ්ඩුව, නිලන්ත ජයවර්ධන මහතාගේ ඡායාරූපයක් ඔහු මේ ‘කෝලං කාරක සභාවට’ කැඳවන්න පෙර දිනයේ තමන්ට හිතවත් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කරන්න සූදානම් වෙනවා. මේක එහෙව් දේශද්‍රෝහීි ආණ්ඩුවක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More