ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පසුගිය 11වනදා වැඩි ඡන්ද 27කින් පරාජයට පත්වුවද පසුගිය 12වන සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන් තැන්වල කථාබහ කෙරුණේ එම විශ්වාසභංග යෝජනාව පිළිබඳවයි.
මෙම විශ්වාසභංග යෝජනාවෙන් එක්සත් ජාතික පෙරමුණුු ආණ්ඩුව බේරුනද ආණ්ඩු පක්ෂය තුළ මේ හේතුවෙන් යම් යම් බෙදීම් ඇතිවී තිබෙන බව වාර්තාවෙයි.
මේ ගැනද පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ විවිධ ස්ථාවල කතාබහ වී ඇත. විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමෙන් පසුව ආණ්ඩුවේ සිට ඉල්ලා අස් වූ මුස්ලිම් මැති ඇමතිවරුන් පිරිසක් යළි එම තනතුරු ලබා ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු අතර යම් මතභේදයක් හටගෙන තිබිණි.
මෙම පිරිස යළිත් අමාත්‍ය ධුර ලබා ගතහොත් එය යම්කිසි ආකාරයකින් ආණ්ඩුවට අවාසි වීමට ඉඩ තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙල මන්ත්‍රීවරුන් පිරිසක් කතාබහ කරගෙන ඇත්තේ මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කිරීමටය.
ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වැඩ තවම අවසන් වී නොමැති අවස්ථාවකදී විවිධ චෝදනා එල්ල වී තිබෙන රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා එම චෝදනාවලින් මුළුමනින්ම නිදහස් නොවී අමාත්‍ය ධුර භාර ගැනීම අනුමත කළ නොහැකි බව එම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...