දේශීය පුවත්

නොවැම්බර් මස 15 දා හා දෙසැම්බර් මස 7 දා අතර අනිවාර්යයෙන්ම ජනපතිවණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද පෙරවරුවේ (15) ශ්‍රී ලංකා කර්තෘ සංසඳයේ සාමාජිකයන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“අනිවාර්යයෙන්ම ජනපතිවරණය නොවැම්බර් 15 දෙසැම්බර් 7 යන දවස් දෙක යන කාලසීමාව තුළ පවත්වන්න ඕන. නොවැම්බර් 16 ජනපතිවරණය පවත්වන්නේ නම් අපි නාම යෝජනා කැඳවන්නේ සැප්තැම්බර් 3 වැනි සතිය අවසන්වනවාත් සමගයි. සෙනසුරාදා දිනයක මැතිවරණය තියන්න අපි උපරිම උත්සාහය ගන්නවා. රටේ ජනතාවට ආර්ථිකයට සිදුවන අවම හානිය සලකා බලමින්. ඒ අනුව දවස් හතරයි නොවැම්බර් 16, 23 30 හා දෙසැම්බර් 7 (යන දිනවල ජනපතිවරණය පැවැත්විය හැකියි). නෙවැම්බර් 30 දෙසැම්බර් 7 අතර සාමාන්‍ය පෙළ විභාගය එන ගැටලුව තිබෙනවා. සමහර අය මතුකර තිබෙනවා අපි දෙසැම්බර් 7 ඡන්දය තියලා යම් ආකාරයකට රී පෝල් එකක් වුණොත් කවුද ජනපති කියලා. රී පෝල් එකක් සති දෙකක් ඇතුළත තමයි තියන්න ඕන. නිල කාලය (වත්මන් ජනපතිට) තිබෙනවා ජනවාරි 9දා වෙනකම්. රී පෝල් එකක් ආවොත් අන්තිම දවසට ගියොත් ගැටලුවක් නෙමෙයි.”

“අපි දීපු උත්තරය තමයි දෙසැම්බර් 7 ඡන්දය තිබ්බොත් ඡන්ද පොළේ කිසිම අක්‍රමිකතාවක් හෝ රී පෝල් එකක් වෙන්නේ නැතිවෙන්න රටේ මහජනතාව, දේශාලඥයින්, පොලීසියත් මාධ්‍යෙව්දීන් බලාගන්නම්. ඒ නිසා අපි දීපු පිළිතුර පැන නොනගී කියලා. නමුත් කොමිෂන් සභාව මේ ගැන අවධානය යොමුකර තිබෙනවා කිසිම අක්‍රමිකතාවක් නොවෙන්න අපි වග බලා ගන්නවා. කිසිම අක්‍රමිකතාවක් නොවෙන්න වග බලා ගැනීමේ වගකීම තිබෙන්නේ මහ ජනතාවටයි. යම් ආකාරයක ඡන්ද පොළක් වැහෙනනවම් නම් හෝ රී පෝල් කරන්න වෙන්නේ කඩාකප්පල් වැඩ කළොත්. වෙලාවට පටන් ගත්තේ නැත්තොත් වෙලාවට කලින් ඉවර කළොත්. මේක වළක්වා ගන්න තියෙන අවස්ථා උපරිමයි. සමහරු කියනවා සිතා මතා කඩාකප්පල් කලා කියලා. ඒක හරියට ඕපන් සෝස් වගෙයි. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More