දේශීය පුවත්

ඇසළ පුන් පෝය අදයි

July 16, 2019 4:19 am | Lanka Lead News

ඇසළ පුර පසොළොස්වක පොහොය දිනය අදට (16) යෙදී තිබේ. ආගමික සහ ශාසනික සිදුවීම් රැසක් සිදුවූ වැදගත් දිනයක් ලෙස ඇසළ පුන්පොහෝ දිනය හැඳින්විය හැකිය.

සිදුහත් කුමරුන් මවුකුස පිළිසඳගැනීම, සිද්ධාර්ථ කුමරුන් ගිහිගෙය හැරයාම, බුද්ධත්වයෙන් පසු ප්‍රථම ධර්මදේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනාකිරීම ආදී කරුණු මෙන්ම පස්වග මහණුන්ගේ ධර්මමාර්ගයට එක්වීම තුළ බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය යන තෙරුවන් සම්පූර්ණ වූ මාසය ලෙස ඇසළ පුන් පොහොය සුවිශේෂී වැදගත්කමකින් යුක්තය.

තීර්ථක දමනය සඳහා බුදුරජාණන් වහන්සේ යමාමහපෙළහර දැක්වීම, තවුතිසා දෙව්ලොවට වැඩම කොට මාතෘ දිව්‍ය රාජයාට විජම් බණ දේශනාකිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු රජගහනුවර වේහාර පර්වතයේදී ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමආදිය සිදුවූයේද ඇසළ පුන් පොහෝ දිනකය.

එමෙන්ම ලක්දිව අරිට්ඨ කුමරු ඇතුළු පස්දෙනා පැවිද්ද සහ උපසම්පදාව ලැබීම, දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහා සෑයට මුල්ගල් තැබීම,රුවන්වැලි මහා සෑයේ ධාතු නිධන් කිරීම, කිත්සිරිමෙවන් රජ දවස දන්ත කුමරු සහ හේමමාලා කුමරිය බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම සහ ලක්දිව ඇසළ මහා පෙරහර ආරම්භ වීම ආදියද සිදුවූයේ අද වැනි පොහෝ දිනකය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More