දේශීය පුවත්

රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා තේරිම් කාරක සභාවට කැඳවනවා කියන එක හොරාගේ අම්මගෙන් පේන ඇහීමක් බවත් මේ රජය පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ කරපු නිතීවීරෝධි වැඩ වලට වික‍්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයෝ තේරිම් කාරක සභාවට නෙවෙයි අධිකරණයට කැඳවා දඬුවම් ලබාදියයුතු යැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලීමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා පැවසීය.

බද්දේගම වඳුරඹ ප්‍රදේශයේ පැවැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බද්දේගම ආසන බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදි තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා,

‘‘ගෙවීගිය පසුගිය කාලය පුරාවට ජනතා වීරෝධි ක‍්‍රියා රාශියක් සිදුකළ මේ රජය අද ජනතාව ගැන විශාල කැක්කුමක් ඇති වෙලා සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙන බව පවසමින්මේ ගන්නා හදිසි උත්සාහය පිළිබඳව අපට විශාල කුකුසක් තියෙනවා.

රටේ ජනතාවට ඉඩම් අයිතිය දෙනවට අපි කිසිසේත්ම විරුද්ධ නැහැ. ඒත් මේ ඉඩම් පනත හරහා මිල්නියම් චැලෙන්ජ් කෝපරේෂන් එහෙම නැත්නම් සහශ‍්‍ර අභියෝග සංස්ථාව තුලින් ඉඩම් බැංකුවක් ඇති කරලා ත‍්‍රිකුණාමලය හා කොළඹ අතර ඉඩම් පවරාගෙන වීශේෂ ආර්ථික කලාපයක් සඳහා ඇමරිකාවට ලබාදීමේ කූට උපක‍්‍රමයක තමයි මේ රජය යෙදි ඉන්නේ. කවර අර්ථයෙන් ගත්තත් ලංකාවේ සියලු සම්පත් විජාතිකයින්ට පවරමින් වර්තමාන ආණ්ඩුව මේ ගෙන යන ක‍්‍රියාමාර්ග හරහා ලංකාවේ ඉඩම් පිටරැටියන්ට විකුණා දැමිමේ ක‍්‍රීයාමාර්ගයට විරුද්ධව අපි කටයුතු කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More