කැබිනට් තීරණයට අනුව අලෙවි කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය වී තොග නිකුත් නොකිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරු පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ, අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රජයේ වී තොග අලෙවි කිරීම සඳහා ටෙන්ඩර් පටිපාටියට අනුකූලව කටයුතු කළ බව ය.
ඒ සඳහා ගැණුම්කරුවන්ගෙන් මුදල් ද ලබා ගෙන ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා සඳහන් කළේ, ජීවන වියදම් කමිටුවේ තීරණය අනුව තමුන් වී තොග නිකුත් නොකරන බව ය.
ඒ, රටේ ආරක්ෂිත ආහාර තොග පවත්වාගෙන යා යුතු බැවින් රජයේ වී තොග අලෙවි නොකිරීමට ජීවන වියදම් කමිටුව ගත් තීරණයට අනුව ය.
දිස්ත්‍රික් ලේකම්වරුන් ටෙන්ඩර් කැඳවා වී තොග අලෙවි කර ඇත්තේ වියදම් වූ මිලට වඩා අඩු මිලකට බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...