හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුටත් රට ඉබාගාතේ යන මෙම විනාශකාරී ගමන අනුමත කළ නොහැකි බවත් එම විනාශකාරී ගමන රැගෙන යන ප්‍රධාන කඳවුරු පරාජයට පත්කිරීමට විසිරී ඇති විකල්ප කඳවුර එක මධ්‍යස්ථානයකට එකතු කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
ඊයේ (14) කොළඹ පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“අපේ රට අතිශය විනාශකාරී අන්තයක් කරා ගමන් කරමින් තිබෙනවා. රටත් ජනතාවත් අතිශය පීඩාවට පත්ව සිටිනවා. ආර්ථීකයේ, සමාජයේ, පරිසරයේ ඇති විය හැකි විශාලතම හානිය වෙමින් තිඛෙනවා.
මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා අප ගත් වෙහෙසමෙතෙක් සාර්ථක වී නැහැ. හෘද සාක්ෂියක් තිඛෙන කිසිවෙකුට රට ඉබාගාතේ යන මේ විනාශකාරී ගමන දෙස බලා සිටීමට අයිතියක් නැහැ.
කලා සංස්කෘතික අංශයේ සිට සියලූ ක්ෂේත්‍රයන්වලට මෙය අදාළයි. ආර්ථීක සංවර්ධනය කියන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක් නෙමෙයි. එය ඇස් නිලංකාර කරවන්නක්ද නොවිය යුතුයි.
ආහාර නොමැතිකම නිසා අම්මලාට දරුවන් සමග කොච්චියට පැනීමට සිදු නොවිය යුතුයි. තරුණ තරුණියන්ට රටින් පලා යාම ජයග්‍රහණයක් ලෙස සිතෙන්නක් නොවිය යුතුයි. ජාතික ආර්ථීකයේ ඵල ජනතාව අතර බෙදී යන සියලූ දෙනාට සමානාත්මතාවයෙන් සලකන ආර්ථීකයක් නිර්මාණය විය යුතුයි. සියලූ ගෝත්‍රවාදී ජාතිවාදී මතවාද ඉවත්වී මනුෂ්‍යත්වයෙන් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා.
අප සියලූ දෙනා මේ වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රවල අරගල කළ පුද්ගලයින් විය හැකියි. එහෙත් අද අප හමුවේ ඇත්තේ හුදෙකලා තනි තනි අරගලවලින් ජයග්‍රහණය කළ හැකි සටනක් නෙමෙයි. ඒ සඳහා අප සියලූ දෙනා එක මිටකට ඒකරාශි විය යුතුව තිඛෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...