දේශීය පුවත්

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හරහා සැබැවින්ම සිදුවන්නේ මෙරට බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මීරිගම රද්දල්ගොඩ විහාරස්ථානයේ ඊයේ(14) පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

ත්‍රස්තවාදය සිදු කල අය හා එයට උදව් කළ දේශපාලන නායකයින් නොමැතිව, වත්මන් ආණ්ඩුව ගෙන යා නොහැකි නිසා, ඒ ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව ලබා දී තේරීම් කාරක සභාවක් හරහා බුද්ධි අංශ නිලධාරීන් විනාශ කිරීමේ උත්සහයක නියැලී සිටින බව ද රාජපක්ෂ මහතා පැවසීය.

2001 දී අගමැතිවරයා වශයෙන් පත්ව වත්මන් අගමැතිවරයා පළමු රාජකාරිය ලෙස මිලේනියම් සිටිවල තිබු නිල බුද්ධි අංශය වටලා දැමු බව ද සඳහන් කළ විජේදාස රාජපක්ෂ මාධ්‍යයට බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීම තුළින් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිලධාරීන් 38 ක් ඝාතනය කළ බව ද කියා සිටියේය.

අද දිනයේ දීත් අගමැතිවරයා සිදු කරනු ලබන්නේ මෙය බව ද සඳහන් කළ විජේදාස රාජපක්ෂ මහතා, ලබන 24 වන දා කැඳවා ඇත්තේ මෙවැනි දෙයක් සිදු කිරීමට බවත්, බුද්ධි අංශය විසින් තොරතුරු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දුන් බවත් පැවසීය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More