දේශීය පුවත්

සෝෆා ගිවිසුම පදනම් කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ මතුව ඇති විරෝධතා පිළිබඳ ඉන්දියාව දැඩි විමසිල්ලෙන් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවේ තත්වය ඉන්දියාව විසින් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවය.

සෝෆා ගිවිසුම හරහා අමෙරිකානු හමුදා කඳවුරක් ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ සූදානමක් ඇති බවට විවිධ වාර්තා පළ වේ. ඉන්දීය මාධ්‍ය පවසන්නේ එම කඳවුර ස්ථාපිත වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවට ආසන්න ප‍්‍රදේශයක බවය. අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දක්වන ප‍්‍රතිචාරය පිළිබඳ ඉන්දියාව දැඩි විමසිල්ලෙන් සිටින බවද එරට මාධ්‍යයන්හි සඳහන්.

කෙසේවෙතත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ අමෙරිකාව සමග ශ‍්‍රී ලංකාව කිසිඳු ගිවිසුමකට අත්සන් තබා නොමැති බවයි. ශ‍්‍රී ලංකාවේ එම ස්ථාවරය පිළිබඳ ඉන්දියාව ප‍්‍රසාදයෙන් පසුවන බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More