දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට බුදුධි අංශ ප්‍රධානීන් කැඳවීමට ගෙන තිබෙන තීරණය නතර කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජාතික විද්වත් සංසදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ගෙන් ඉල්ලීමක් කරන බව ජාතික විද්වත් භික්ෂු සංසදය කැඳවුම්කරු පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

සංස්කෘතික වාදී ත්‍රස්ත ප්‍රහාරය  සම්බන්ධයෙන් බුද්ධි අංශ ප්‍රධානීන් ගෙන් යම් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය නම් එය එම නිලධාරීන්ට ප්‍රසිද්ධියට පත්නොකර ජාතික ආරක්ෂාවට ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් ලිඛිතව ලබා ගත හැකි බවත් එවැනි දෙයක් සිදු නොකොට එම ප්‍රධානීන් රටට හා ලෝකයට නිරාවරණය කරනු ලබන්නේ කාගේ උවමනාවට ද කියා තමන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන්වි මසා සිටින බවත් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පෙන්වා දෙති.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන්ට  උදව්කළ බවට ප්‍රබල චෝදනා එල්ල වී තිබෙන ඊබ්‍රාහිම් නැමැති ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණ සමග සමීප කටයුතු කර තිබෙන බවත් එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයෙකු  ලෙස ඉදිරිපත් වී තිබෙන නිසා  ඊබ්‍රාහිම් නිදහස් කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වී තිබෙන බවත් එමගින් තමන්ට එල්ලවන අපවාද වලින් ගැලවීමට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ ගන්නා බවත් උන්වහන්සේ පැවසූහ.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොම්රසයේ නායක රාවුෆ් හකීම් මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී පෙනීසිටින බව එවැනි කෙනෙකු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු කිරීම සම්බන්ධයෙන් බරපතළ සැක්යක් මතු වී තිබෙන බවත් අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More