දේශීය පුවත්

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති 2019 ලෝක කුසලාන අවසාන මහා තරගයේ ජය හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241 රැස් කර ගැනීමට සමත් විය.

නියමිත පන්දුවාර අවසානයේ ලකුණු 241ක් ලබා ගැනීමට එංගලන්ත පිල ද සමත් වු අතර ළකුණු මට්ටම සම වීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් වෙත යාමට සිදු විය.

සුපිරි පන්දු වාරයේ දී එංගලන්තය කිසිවෙකු නොදැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 15ක් වු අතර ලකුණු 16ක ඉලක්කයක් නවසීලන්තයට හිමි විය.

එම පන්දුවාරයේ දී එක් කඩුල්ලක් දැවී නවසීලන්තය ලබාගත්තේ ලකුණු 15කි.

ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලානය මෙතෙක් හිමිකර නොගත් එංගලන්තය අද (14) ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පළමු වතාවට ලෝක කුසලාන ජය හිමි කර ගත්තේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More