දේශීය පුවත්

ඇමරිකානු විදේශ සබඳතා කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් වූ ඬේමියන් ටර්ජ් සහ සෙල්වා කසිම් මෙරටට පැමිණ ඉදිරි ජනපතිවරණය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති විග්නේෂ්වරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලකයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් කිහිප දෙනකු සමඟ රහස් සාකච්ඡුාවක් පවත්වා ඇත.

මෙම රහස් සාකච්ඡුාව පවත්වා ඇත්තේ කොළඹ සුපිරි හෝටලයක පිහිටි පෞද්ගලික කාමරයක බව හෙළිවී තිබේ.

ඇමරිකානු නිලධාරීන් සමග මෙම සාකච්ඡුාවන්ට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප‍්‍රධානි මාර්කස් සර්ස්න්ට්ද සම්බන්ධ වී ඇත.

ඇමරිකානු සෝෆා ආරක්‍ෂක ගිවිසුමට විරෝධය දැක්වීම, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවරණයට තරග කිරීම හා ශී‍්‍ර ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව යන කරුණු ගැන මෙහිදී සාකච්ඡුාවට භාජනය වී තිබේ.

ඇමරිකානු සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ ප‍්‍රධානතම නිලධාරීන් වූ ටර්ජ් සහ සෙල්වා කසිම්ගේ මෙරට සංචාරය ඇමරිකානු තානාපති කාර්යාලය විසින් වසන් කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More