විදේශ පුවත්

තමන් රුසියාවෙන් ‘එස් 400’ වර්ගයේ මිසයිල පද්ධති මිලදී ගන්නේ, කැමැත්තෙන් නොව, රටේ ආරක්ෂාව වෙනුවෙන් ඒවා අවශ්‍ය වී ඇති නිසා යැයි තුර්කි ආරක්ෂක ඇමැති ඇමෙරිකාවට පවසා ඇත.

‘එස් 400’ යනු ගුවන් යානා සහ මිසයිල පහර දී විනාශ කළ හැකි මිසයිල පද්ධතියකි. මෙම පද්ධතිය නිර්මාණය සඳහා අවශ්‍ය දෙවැනි උපාංග කට්ටලය මගින් තුර්කියට ලැබුණි.

නේටෝ සාමාජිකයකු වන තුර්කිය රුසියාවෙන් මෙම ‘එස් 400’ වර්ගයේ මිසයිල පද්ධතිය මිලදී ගැනීම ඇමෙරිකාවේ දැඩි විරෝධයකට හේතුවක් වී තිබේ.

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පිහිටුවීම සිදුවූයේ ඇමෙරිකාවේ මූලිකත්වයෙනි. තුර්කිය එහි සාමාජිකයෙක් වූයේ පසු කාලයේය. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පිහිටුවා ගැනීම සිදුවූයේ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණදීමටය.

නේටෝ සාමාජික රටක් සහ රුසියාව අතර ආයුධ ගනුදෙනුවක් සිදුවන පළමු අවස්ථාව මෙයයි. රුසියාවෙන් තමන් ‘එස් 400’ මිසයිල පද්ධතියක් මිලදී ගන්නා බව තුර්කිය නිවේදනය කළ අවස්ථාවේ පටන් ඇමෙරිකාවෙන් විරෝධයක් එල්ල විය.

තුර්කිය සහ ඇමෙරිකාව අතර වෙළෙඳ ගිවිසුම් පවතී. මැදපෙරදිග කලාපයේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී ඇමෙරිකාවේ සගයකු ලෙස ද තුර්කිය සැලකෙයි.

පසුගිය දා ජපානයේ ඔසාකා නුවර ‘ජී20’ රාජ්‍ය නායක හමුව පැවැත්වුණු අතර, එම හමුවට සමගාමීව, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි. එම හමුවේදී තුර්කියේ ‘එස් 400’ මිසයිල ගනුදෙනුව සාකච්ඡාවට ලක්විය.

තමන් ‘එස් 400’ මිසයිල පද්ධතිය මිලදී ගැනීමෙන් ඇමෙරිකාවට හෝ වෙනත් නේටෝ රටකට හො අනතුරක් නැතැයි තුර්කි ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපතිවරයාට පහදා දුන්නත්, ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් තරයේ කියා සිටියේ ‘එස් 400’ මිසයිල පද්ධති ගනුදෙනුව වහා අවලංගු කරන ලෙසය.

‘එස් 400’ මිසයිල මිලදී ගන්නවා නම් තුර්කියට ආර්ථික සම්බාධක පැනැවීමට පියවර ගන්නා බව ඇමෙරිකන් ජනපතිවරයා එම අවස්ථාවේදී අනතුරු ඇඟවීමක් කළේය. එම සම්බාධක අනුව, තුර්කියට ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක අලාභයක් සිදුවෙයි. මිසයිල පද්ධතිය මිලදී ගැනීම හේතුවෙන් ඇමෙරිකාව මේ වනවිට තුර්කියට ආර්ථික සම්බාධක පනවා තිබේ.

තුර්කි ආරක්ෂක ඇමැති හුලුසී අකාර්, ඇමෙරිකා ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් අමතා පවසා යළිත් වරක් පහදා ඇත්තේ තුර්කිය මෙම ‘එස් 400’ මිසයිල පද්ධතිය රුසියාවෙන් මිලදී ගන්නේ තුර්කියේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් බවය.

තුර්කිය සිරියාවට මායිම් වෙයි. සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් සහ කුර්දි බෙදුම්වාදීන්ගෙන් තුර්කියට තර්ජන එල්ල වෙයි. තමන් ‘එස් 400’ මිසයිල පද්ධතිය මිලදී ගන්නේ එම තර්ජනවලට මුහුණ දීමට යැයි තුර්කි ආරක්ෂක ඇමැති හුලුසී අකාර් පහදා දී ඇත.

අන්කාරාහිදීය (රොයිටර්ස්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More