යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන සම්බන්ධීකාරක ජයිල්ස් ද කර්කොව් මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජේරාම හි පිහිටි සිය නිවසේදී සිදුවිය..
කර්කොව් මහතා කියා සිටියේ තම සංචාරයේ අරමුණ වූයේ ආරක්ෂාව වේගවත් කිරීම සහ වඩා හොඳ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වීමයි.
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපති ධුරය දැරූ කාලය තුළ සෑම විටම ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණා සඳහා ඉහළම ප්‍රමුඛතාවය ලබා දී ඇති බවත්, වර්තමාන සන්දර්භය තුළ පවා ඔහු සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට පූර්ණ සහයෝගය ලබා දී ඇති බවත්ය.
මෙම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තාරකා බස්නායක යන මහත්වරුන්ද සහභාගී වූහ.
– MR Media
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...