දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂයාගේ නම ප්‍රකාශයට පත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

අඟුණකොලපැලැස්ස පෙරුන්ගම ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මුස්ලිම් අමාත්‍යවරු නැවත දිවුරුම් දීම පිළිබඳව සිය අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරයට වග කිව යුතු පිරිසකුත් ඒ අතර සිටීම ගැටලුවක් බවයි.

ඉදිරි ජනාධිපතිවරයා නම් කෙරෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගන්නා තීරණයකින් බවත් ඒ මහතා පවසා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ඒ සඳහා සිය පක්ෂයේ විරුද්ධත්වයක් නැති බවත් ඔහු පවසා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More