දේශීය පුවත්

අනාගත නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව තමන් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ හැටන්හිදී පැවති ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

ඇය එහිදී මෙසේද කීවාය.

‘ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ ඔබ ආදරේ කරන, ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තිබෙන, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට.

ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(13) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පැවැත්වුණි.

ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාව වෙත පැමිණි ජලනි ප්‍රේමදාස මහත්මියව වතුකරයේ තරුණියන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම සමුළුවේදි වතු ක්ෂේත්‍රෙය් කාන්තාවන්ගේ ජිවන තත්ත්ව, අදායම් තත්ත්වය, වතු කම්කරුවන්ගේ පෝෂණ තත්ත්වය සහ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව විග්‍රහ කරනු ලැබුවේය.

ජාතික මහ සභාවේ දි අදහස් දැක් වු ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමිර පෙරේරා මහතා කියා සිටියේ ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණය තිරාණාත්මක ජනාධිපතිවරණයක් බවත්, එම මැතිවරණයේදි රාජපක්ෂ පවුල කර ගහගෙන යාමට මේ රටේ ජනතාව කිසිසේත් කටයුතු නොකරන බවයි.

සම්ප්‍රදායික දේශාපලන පක්ෂවල නායකයන්ගෙන් මිදි පොදු ජනතාවගේ දුක හඳුනන පොදු ජනතාව ඉල්ලන පොදු ජන නායකයෙකු මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කළ යුතු බව චමිර පෙරේරා මහාතා කියා සිටියේය.

ජාතික මහ සභාවේ කාන්තා සම්මේලනයේදි අදහස් දැක් වු ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියේ මේ රටේ සමස්ත පොදු ජනතාව වෙනුවෙන් කටයුතු කරන අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වශයෙන් එතුමාගේ දර්ශනය මත ගමන් කරමින් තමන්ද මේ රටේ පොදු ජනතාවට වැඩ කිරීමට කැප වී කටයුතු කරන බවයි.

සම්මේලනයේදි වතු කම්කරු කාන්තාවන් ඉදිරිපත් කළ ගැටළු සම්බන්ධයෙන් හැකිතාක් දුරට කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවය ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියේය.

ජාතික මහ සභාවේ පළමු කාන්තා සම්මේලනයට වතුකරය නියෝජනය කරමින් තරුණියන් සහ කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වි සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More