දේශීය පුවත්

උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රධානතම නාවික හමුදා කඳවුර වන කන්කසන්තුරේ (ශ්‍රී ලංකා නාවික උත්තර) නාවික හමුදා කඳවුර ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘දේශය’ට සඳහන් කරයි.

පසුගියදා රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයට සහය ලබාගැනීම සඳහා පැවැති සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානය මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. අදාළ සාකච්ඡාව පැවැතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, මාවෙයි සේනාධිරාජා සහ එම්. ඒ සුමන්තිරන් යන මහත්වරුන් අතරය. මෙහිදී මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා උත්තර නාවික හමුදා කඳවුරට යාබද සිමෙන්ති කම්හල් භූමියේ කර්මාන්ත පුරයක් ඉදිකර දෙන ලෙසට අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. එයට අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි වූ අතර මාවෙයි සේනාධිරාජා පවසා ඇත්තේ කර්මාන්ත පුරය සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා නාවික හමුදා කඳවුර බාධාවක් වන හෙයින් එය එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බවයි. එම ඉල්ලීමට අගමැතිවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මේ පිළිබඳව විමසීම සඳහා අප මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගත් අතර විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සඳහා අගමැතිවරයා හමු වූ බව සත්‍යයක් යැයි ඔහු ප්‍රකාශ කළේය. නාවික හමුදා කඳවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට කිසිදු පිළිතුරක් නොදුන් ඔහු දුරකතනය වහා විසන්ධි කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More