දේශීය පුවත්

එ.ජා.ප. නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් පිරිසක් සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා විසින් මුදල් ඇමැතිවරයා මෙලෙස දැඩි විවේචනයට ලක් කර ඇත. සාකච්ඡාව පසුගිය 11 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී මුදල් ඇමැතිවරයා විසින් සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට පක්ෂය තුළ ආරම්භ කර ඇති අරගලයට පසුපෙළ මන්ත්‍රීවරුන් සහ ඇතැම් ඇමැතිවරුන් සහයෝගය දැක්වීම ගැනද අගමැතිවරයා දොස් නගා තිබේ. මුදල් ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ අතැම් මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද ලබාදී ඇති බවද මෙහිදී අගමැතිවරයා පෙන්වා දී තිබේ.

සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බව ආණ්ඩුවට සහාය දක්වන දෙමළ පක්ෂවල නායකයින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දැනුම් දීමට තීරණය කර ඇත. සජිත් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් නොකරන්නේ නම් එජාපය පරාජයට පත් වන බව දෙමළ පක්ෂ නායකයින්ගේ අදහසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More