දේශීය පුවත්

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවටවේ දී පරාජය කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාගෙන තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානයට ඉල්ලීම් මල්ලක් ප්‍රධානය කිරීමෙන් පසුව බවට දැන් තොරතුරු වාර්තා වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පවසන්නේ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ආණ්ඩුවට සහයෝගය දීම සඳහා දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීම් වලට ආණ්ඩුව එකඟ වූ බවයි.
නිර්මලනාදන් මන්ත්‍රීවරයාත් පවසන අන්දමට දෙමළ ජාතික සන්ධානය මුලින් තීරණය කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ය.

විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසීමට නියමිතව තිබූ පසුගියදා 11 වනදා හවස 06:00 ට කලින් එනම් සවස 4.30 ට අග්‍රාමාත්‍යවරයා සහ දෙමළජාතික සන්ධාන නායක සම්බන්ධන් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට තීරණය කොට ඇත.

මේ තීරණය ගැන නිර්මලනාදන් මන්ත්‍රීවරයා පවසන්නේ ‘‘ විශ්වාසභංගයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට මුලින්ම අපි තීරණය කර තිබුණ. 11වැනිදා සවස 4.30 ට පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා අතර පැවති සාකච්ඡාවේදී කල්මුනේ උතුරු ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය වෙනුවෙන් දෙමළජාතාක සන්ධානය කරන ලද ඉල්ලීම් ඉටුකර දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වුණා.‘‘

කල්මුණේ උතුරු ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසය සඳහා මූල්‍ය බලය සහ ඉඩම් බලතල ලබාදෙන ලෙස වස්රකට ආසන්න කාලයක් තිස්සේ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළ බවත් එය ඉටු නොකළ නිසා ඊට විරෝධය දැක්වීම සඳහා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඡනට ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබූ බවත් මන්ත්‍රී සඳහන් කරයි.
නමුත් අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදීම කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා මූල්‍ය බලය ලබාදීමට අග්‍රාමාත්‍යවරයා එකග වූ බවත් මූල්‍ය බලය පාලනය කිරීම වනුවෙන් ගනකාධිකාරිවරයකු පත්කිරීමට අවශ්‍ය ලිඛිත ලියවිල්ලක් ද ඒ අවස්ථාවේදී ලබා දුන් බවත් නිර්මලනාදන් මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More