දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධුරයක් ලබා දුනහොත් ඔහුට විරුද්ධව නැවත   විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ  පවසති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක සහයෝගය ඇතිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත්  උන්වහන්සේ සඳහන් කළහ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර, පසුව බදියුදීන් මහතා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන සියලු මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු  සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.

එලෙස ඉල්ලා අස් වූ අමාත්‍යවරුන්ගෙන් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරුන්, ඔවුන් පෙර කටයුතු කළ අමාත්‍ය ධූරයන්හිම යළි දිවුරුම් දුන් අතර අනෙකුත් අමාත්‍යවරුන්ද යළිත් සිය අමාත්‍යධුර ලබා ගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා ප‍්‍රකාශ කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More