දේශීය පුවත්

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් ආර්. සම්බන්ධන් මහතාත් නිවැරදි තීන්දු ගත්තානම් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයගැනීමට හැකියාවක් තිබුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

විශ්වාසභංග ඡන්ද විමසීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“සම්බන්ධන් මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් නිවැරදි තීන්දු ගත්තා නම් මෙම විශ්වාසභංගය දිනන්න තිබුණා.

විශේෂයෙන්ම හවස 4.30ට රනිල් වික්‍රමසිංහ මහත්මයා ලිපියකින් එකඟ වුණා සම්බන්ධන් මහත්මයට කල්මුණේ වෙනමම ප්‍රාදේශීය සභාවක් කරලා ලබාදෙන බවට.

රනිල් වික්‍රමසිංහ සුපුරුදු කප්පම් ගෙවීමේ දේශපාලනයෙන් තමයි මෙම විශ්වාසභංගයත් ජය ගැනීමට කටයුතු කළේ.

පැය භාගයක් ඇතුළත මංගල සමරවීර මහතා ඒ සඳහා අවශ්‍ය කාඩර් එක අනුමත කරලා දුන්නා.

කප්පම් පිදීම නිසා තමයි 119ක් දක්වා ඉදිරියට ගියේ. නැත්නම් ආණ්ඩුවට තිබුණේ 105යි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More