ඉදිරියේ දී ජනතාව තමාට රාජ්‍ය බලය ලබා දෙන්නේ නම්, ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධනයෙන් බැබළෙන රටක් බවට පත් කිරීමට තමා සුදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, ඊයේ රත්මලාන බඩෝවිට ශ්‍රී ජනනන්දනාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැඟිල්ලක් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි.
කුඩු විනාශ කර දැමීම අපේ අරමුණ බව ද පැවසු අමාත්‍යවරයා, තැබෑරුම් සංස්කෘතිය විනාශ කර දැමිය යුතු බව ද මෙහිදී පැවසීය.
ඡන්ද අඩු වුවත් එය සිදු කල යුතු බව පැවසු අමාත්‍යවරයා, තමාව යම් කිසි දේකට ඉදිරිපත් වෙන්නයි ඉල්ලා සිටින මොහොතක මෙවැනි අදහස් අසා සිටින විට එයට ඉදිරිපත් වෙන්න එපා යනුවෙන් පවසනු ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
ඉදිරියේ දී පිදිය යුත්තන් පුදන්න කාලයක් ඉදිරියේ දී පැමිණෙන බවද සඳහන් කර සිටි අමාත්‍යවරයා, පුදන ආකාරය කුමක් ද යන්න ජනතාව තීරණය කළ යුතු බව ද පැවසීය.
කවුරුන් තෝරා ගත්තත් කුමන අදහසක් දැරුවත් මේ වසර අවසානය වන විට නිදි මරාගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන පුද්ගලයෙක් ජනතාව තීරණය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
හොඳ කවුද නරක කවුද යන්න තරාදියක දමා මැන බැලිය හැකි බව ද පැවසු අමාත්‍යවරයා, එසේ බලන වෙලාවක පැත්තකින් ඉන්න මාවත් තරාදියේ දාලා මැන බලන්න යනුවෙන්ද පැවසීය.
කුමන ආකාරයෙකින් හෝ සජිත් ප්‍රේමදාසට රාජ්‍ය බලය ලබා දෙනවා යන තීන්දුව රටක් වශයෙන් ගනු ලැබුවහොත් ලංකාව මුළු ලෝකයෙන්ම සංවර්ධනයෙන්ම බැබැලෙන රට බවට පත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...