දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ගෙන ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු තුල පැවති විවාදයේදී ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රතන ස්වාමින්වහන්සේ විසින් කරන ලද කතාව විශේෂ විය. විවාදයේදී තමන්ට හිමි කාලය තුල තම කරුණු ඉදිරිපත් කරමින් සිටි රතන හාමුදුරුවන් හට පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් විසින් වරින් වර බාධා කිරීම එල්ල කරනු ලදි.

එහිදී එම මන්ත්‍රීවරයා දැඩිඅන්තවාදීඅදහස්ඉදිරිපත් කරමින් රතන හාමුදුරුවන්ගේ කතාවට බාධා එල්ල කරනු ලැබීය. ඉන්පසු රතන හාමුදුරුවන් බාධා මධ්‍යයේ වුවද තම කතාව අඛණ්ඩව දියත් කරමින් මන්ත්‍රීවරයාට ඉස්ලාම්ත්‍රස්තවාදයගැන විශිෂ්ට පැහැදිලි කිරීමක් කරනු ලැබූ අතර සුළු මොහොතකින් මහරූෆ් මන්ත්‍රීවරයාට නිහඬ වීමට සිදු විය.

එහිදී උන්වහන්සේ අයිසිස් සංවිධානය ගැන ගැඹුරු විග්‍රහයක් කල අතර ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේමුස්ලිම් ජාතිකකාන්තාවන්ට සිදු වී ඇති අසාධාරනකම් ගැන අදාළ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියහ. නැගෙනහිර පළාතේ ජිවත් වන මුස්ලිම්කාන්තාවන්ටමේ වන විට අධ්‍යාපනය ලැබීමේ මූලික අයිතිවාසිකම මුළුමනින්ම නැති කර ඇති බවත් දෙමළ පාසල් වල ගුරුවරුන් බහුතරයක් මුස්ලිම්ජාතික ගුරුවරුන් වී ඇති බවත් උන්වහන්සේ හෙළි කළහ.

කතාව අවසානයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ගෙන ඇති විශ්වාස භංගයට පක්ෂව රතන ස්වාමීන්වහන්සේ සහය දක්වන බව සඳහන් කල සිටියහ.

උන්වහන්සේගේ සම්පුර්ණ කතාව පහතින් නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More